Vocal | Kanishka Abeysinghe |
Music & Melody | Lahiru Sandeep |
Lyrics | Kavindu Millagala |
Composed & Mix,Mastered | Lahiru Sandeep |
Flute | Nirosha Priyadarshana |
Acoustic Guitar | Lahiru Sandeep |
Art Works | Rakitha Sri |
සියොලගින් හැඩගෙන ජීවිතයේ
හද සොරාගෙන…
රොන් සුරල් දී වෙලා දෑසින්
පැතුමන් දරාගෙන…
මා වෙලාගෙන විසිරුවයි මන
මිහිලියේ නුඹ සිතේ ආදරයෙන්…මා ලොවේ රූ සොබාවී – පෑ රුවින් මත් කරාවී
සිත්මලින් නිති සිනාසී – දිනිදු නාරී දිවසරාවීචන්දු කුමරි නුඹ ගගන දිදුලන
සුරලියන්ගේ රුසිරු පරදන
ඉදු සරින් මන බිදෙන මොහොතක
මත් කරයි හද දිවසරින් නුඹමා ලොවේ…
දේහ නාරී අසිරි පෑ කළ
නිති වෙලයි නෙතු බඹරිදුන් දැක
අසුරු සේනා රොද වඩන කළ
නොම දියන් සදේ ළදලු දෙතොල් නුඹේමා ලොවේ.
“දිවසරාවී” රචක විචාරය
කවියක හෝ ගීතයක රසාලිප්ත හැගීම් ජනිත කිරීමෙහිලා ඒහි පදරචනාව මගින් සුවිසල් කාර්යභාරයක් ඉටු කරයි. ඒමගින් ගීතයක ධ්වනිතාර්ථය යථාර්ථයක් කොට සහෘදයා වෙත සමීප කරවයි. ස්වකීය අත්දැකීම් අනුභූතියෙන් හෝ සමාජමය අත්දැකීම් අනුභූති කොටගෙන වුව රචනා වන ගීතයක, පද්‍යයක අර්ථ ප්‍රකාශනය මගින් විදහා දක්වන සෞන්දර්යය යනු හුදෙක් ස්වර රචනාව හා සබද වීමෙන් ඇතිවන පද පේළියකට ඒහා ගිය කියවීමක් බව පුරාණ ගීත සාහිත්‍යය හා සැසදූ කළ ගම්‍ය වන්නකි. අතීතයේ පටන් කාව්‍ය නිර්මාණකරණයෙහිලා ප්‍රේමය, ශෘංගාරය ආදී ප්‍රස්තුතයන් වඩාත් උපයෝගී කර ගැනීමට කාව්‍ය නිර්මාණකරුවෝ උත්සුක වූවෝය. ඒසේ වූයේ කිම? මිනිස් සමාජය තුළ ප්‍රේමය, ආදරය, ශෘංගාරය යනු හුදෙක් මානව භාවයන් පමණක් නොව එය සෞන්දර්යාත්මක හා මානව පැවැත්මෙහි මුඛ්‍ය අවශ්‍යතාවන් වූ බැවිනි. පුහුදුන් මිනිසා යනු තම දිවියේ අවැසි වටිනාකම් ඔස්සේ සෞන්දර්යය කරා අවතීර්ණ වන්නෙකි. ඒබැවින් ආලය, ශෘංගාරය සෞන්දර්යයට නගන්නේ එය ඔහුගේ නිත්‍ය අව්‍යශතායක් වූ හෙයිනි.
මිනිස් සමාජය තුළ ස්ත්‍රිය යනු සෞන්දර්යයේ තවත් පැතිකඩක් ලෙස දැක්විය හැකිය. ඇගේ රුව ප්‍රහර්ශයකි. ඇගේ නද ප්‍රභාස්වරයකි. මිනිසාගේ ආකර්ෂණීයත්වයේ හිමිකාරිය වන්නේ ඇයයි. ඒ් අනුව යමින් යොවුනෙහි පසුවන තරුණියක කෙරේ එක්තරා තරුණ සිතක පහළ වන ප්‍රේමණීය හැගීම් සමුදායක් කැටි වූ ගීත රචනයක් ලෙස “දිවසරාවී” හැදින්විය හැකිය. ඒමගින් ප්‍රේමයේ ආනන්දනීයත්වය මනා සේ උද්දීපනය වන අයුරු වර්ණනාත්මකව ඉදිරිපත් වෙයි. කාන්තාව යනු උපතින්ම සෞම්‍ය, සුකොමළ ගති ඇත්තියකි. ඇගේ හැඩරුව තරුණ සිත් වසග කිරීමට නිති සමත්කම් දක්වයි. ඇගේ රුව හා පරිසරය අතර භාවපූර්ණ සෞන්දර්යාත්මක බැදීමක් ඇති බැව් පුරාණ සාහිත්‍යධරයින් ස්වකීය නිර්මාණ ඔස්සේ විදහා දැක්වීය. ගීතය ආරම්භ වන්නේ තරුණියගේ රූ සොබාව වර්ණනාත්මකව ඉදිරිපත් කරමිනි. ඒහිදී “රොන් සුරල්, මිහිලියේ, සිත් මලින්, දිනිදු නාරී” ආදී රෑපක භාවිතය මගින් ස්වභාවධර්මය හා කාන්තාව අතර පවතින සමානාත්මතාවය වඩාත් තීව්‍ර ලෙස විද්‍යමාන වේ. තව ද “සියොලගින් හැඩ ගෙන ජීවිතයේ.” ආදී වශයෙන් සරල වූත්, සුගම වූත් භාෂා ව්‍යවහාරයක් භාවිත කිරීමෙන් ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමීප වන ගීතයක් ලෙස “දිවසරාවී” දැක්විය හැකිය. තරුණයාගේ පුහුදුන් සිත තරුණිය කෙරෙහි ආකර්ෂණය වූ අයුරු ස්ථායි කොටසින් වඩාත් විස්තරාත්මකව ඉදිරිපත් වෙයි.
චන්ද්‍රයා යනු රාත්‍රී අහස ආලෝකමත් කරන සෞම්‍ය ආලෝකයයි. කාන්තාව ද එසේය. රළු දිවි පෙවෙතක් ගත කරන මිනිස් ලොව සෞම්‍ය ආලෝකය වනනේ ඇයයි. ඒහෙයින් ඇය “චන්දු කුමරියකි” දිව්‍යාංගනාවන්ගේ රූ පවා ඇගේ රූ සොබාවට පරදින බව දනවයි.අනග හීසර වැදීමෙන් මන ආලයෙන් වෙලී යන්නේ කෙසේද, එසේම ඇගේ නෙතු සර වැදීමෙන් තරුණයාගේ සිත් හි ඇය කෙරේ ආලය වැඩෙන බැව් විදහා දක්වයි. මෙවැනි රුසිරි පිරි තරුණියක සමාජයේ අනාරක්ෂිත බවක් ඔහු දකියි. ඇය ළාමකය. සියුමැලි ය. ඈ මලක් සේ වෙයි.එහෙයන් ඈ වටා සමාජය නම් බඹරමැසියන් නිති වටලා සිටී. ඇගේ බොළද සිත් කෙසෙද යත්, “දුහුල්වන් සිත” යන්නෙන් එය වඩාත් ධ්වනිතාර්ථවත් කෙරේ. ස්වකීය ප්‍රේම වෘත්තාන්තයට පෙරවදන් සොයන සුවහසක් ප්‍රේමවන්තයගේ වින්දන අවකාශය තුළ නිදන් වන්නට මෙම ගීතය රසදුනක් වනු ඇත. එසේම ගීතයේ ඇති සරල භාෂා භාවිතය හේතුකොට ගෙන සහෘද සිත් වඩාත් නම්‍යශීලී ලෙස ග්‍රහණය කරගනු ඇත. තව ද නූතනත්වයේ සංගීත සුසංයෝගයක් සමගින් රස මුසු තැන් සොයන ‘ලහිරු සංදීප්’ සහෘදයාගේ මියුරු තනුවෙන් සහ සංගීතයෙන් ද ‘කණිෂ්ක අබේසිංහ’ සහෘදයාගේ මිහිරි ගැයුමෙන් ඔපවත් වූ “දිවසරාවී” ගීතය ඔබ වෙත නවමු අත්දැකීමක් වනු නියත ය.
– විශාරද කවිදු මිල්ලගල –