Vocals | Pramoth Ganearachchi |
Lyrics & Melody | Pramoth Ganearachchi |
Music | Lahiru Sandeep |
Composed & Mix Mastered | Lahiru Sandeep |
Flute | Thushara Wadage |
Violin | Vishva Buddkika |
“අප්පච්චී”
ලොවෙහි වස්න සෑම පුරවැසියෙකුම ස්වකීය දිවි අරඹන්නේ හුදු මවගේ සහ පියාගේ ඇවෑමෙනි. මෙලොව ඒළිය දුටු මොහොතේ පටන් දිවියේ සාර්ථකත්වයට ළගා වන තුරු, ඔවුනගේ දිවි හැර යන මොහොත දක්වාම ඔවුන් තම දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා රෑ දිවා නිදි නොලබා වෙහෙස වෙයි කැප වෙයි. මනු ලොව දෙවියන් ලෙස බුදුන් වහන්සේ පවා එදවස හැදින්වූයේ දෙමව්පියන් ය. සිය දිවියේ ශක්තීන් හීන වන තුරු තමාගේ දරුවන් වෙනුවෙන් කැප කරමින් සිත,ගත වෙහෙසමින් අනාගත සරු අස්වැන්නක් පිරි පරපුරක් රටට දායාද කිරීමේ මහැගි අභිලාෂය මුදුන් පත් කිරීමහි අටියෙන් වෙහෙස වන්නේ “අප්පච්චී” ය. ඔහුගේ දයාව, සෙනෙහස, ආදරය වර්තමානයේ බහුතරයක් සමකාලින තරුණ ආදරය මෙන් මතුපිට දවටනයක් නොවේය. ඒය වදන්වලින් හෙළි වන්නක් ද නොවේ.
හෙලි හැක්කක් ද නොවේ.
ඒනම් සිය විසල් පැතුම් ඒකරාශී වන දිවි මංසල තුළ නොනිදා පහන් කරන තරුවක් සේ ස්වකීය ප්‍රේමය, දරුවන් වෙනුවෙන් පිදුම් දෙන්නේ ඔහුගේ ක්‍රියාවෙනි.
“අප්පච්චී” යන තේමාව පදරුත් ගෙන හැර හෝ නිරායාසයෙන් ඇතිවන සිතිවිලි සමුදායක කැටි වීමක් ලෙස හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඔහුගේ ස්නෙහය මිනිස් සිත් තුළ අල්ප මාත්‍ර හැගීමක් බවට පත් වී ඇත්ද? නැත.
ඔහුගේ සෙනෙහස වෙනුවෙන් පදවැල් හිග වුවද,දාරක ප්‍රේමය වෙනුවෙන් ගෙතෙන ජීවන පදවැල්වල අපූර්වත්වය මගින් ඒය යටපත් වනු ඇත. කෙසේ වුව ද “අප්පච්චී” වෙනුවෙන් තම නිර්මාණ දිවියේ කුළුදුල් නිමැවුම පුද දෙන්නට මෙම තරුණ ගේය පද රචකයා උත්සුක වී තිබේ. ස්වකීය අනාගත දැක්ම මුදුන්පත් කර ගැනීමේ මහැගි කාර්යය වෙනුවෙන් පියාණන්ගෙ දායකත්වය ඇගයීමට ඒහා ගිය ස්වභාවෝක්ති කාරක භාෂා භාවිතයක් මගින් සිය පියාණන් වෙත කෘතවේදී වන අතර, දරු අංකුර ජීවිතයන් නැමති අහස් කුසට ප්‍රශ්න නැමති අමාවක උදා වූ දින පවා තරුවක් වෙමින් ඔවුනට ආලෝකය බෙදනා බව ව්‍යංග්‍යර්ථයෙන් මෙම කතුකරු විසින් සංයමයෙන් වග හසුරුවමින් ප්‍රෙක්ෂක සිත් වෙත දනවනු ලබයි.
තම දරු දිවි සුවඳවත් කරනු වස් මෙම දිරිය චරිතය එනම් “අප්පච්චී” ස්වකීය දහදිය, විලවුන් සේගත දවටා ගත් බව රචකයා දක්වන්නේ තවදුරටත් රූපකාර්ථවත් භාෂා සංකලනයකිනි. ඔහුගේ සිහින සිහිනයක්ම වන්ට හැර දරුවන්ගේ අනාගතය ඒළි කරන්නට දරන වෑයම කතුවරයා නිතැතින්ම අගයයි.
තම දින චර්යාව නිම කරමින් නිවසට පැමිණෙන හෙතෙම සිහින දුටුවෙ ඔහු රජ වන්නට නොව, අනාගත ලොව තුළ තම අංකුරයන් මිළින වන්නට නොදී පොශනය කිරීමට ය.
ඔහුගෙ කරගැටවලින් සිත්තම් කළ ලොවෙහි තම දරුවන් කිරුළු දරනු දැකීමට ඔහු නෙත් පින් මද මුත් ඔහුගෙ නිසල ශරීරය අබියස හිද ඔහු අද කිරුළු පළන් බව කතුවරයා දක්වන්නේ සහෘද සංජානනය තුළ සංවේගය ජනිත කරමිනි. ඉදින් “අප්පච්චී” අාඩම්බර වනු අැත. ඔහු තැනූ මං ඔස්සේ කඩයිම් පසුකරමින් ඉදිරියට අැදෙන තම අනාගත පරපුර වෙත ඔහු නිති ශක්තියක් වනු අැත. ‘ප්‍රමෝත් ගනේඅාරච්චි’ නම් වූ සොදුරු සෞන්දර්යවේදියා විසින් විරචිත වෙමින්, ඔහුගේ වෙණ නදින් හැඩ වූ ද, ‘ලහිරු සන්දීප්’ නම් වූ සොදුරු සංගීත අාඥාදායකයාගේ විසිතුරු ස්වර ගෙත්තමින් ඔපවත් වූ ” අප්පච්චී” ගීතය, සහෘද සිත් සතන් නිතැතින් සනහාලනු අැත.
“නැවතුණු තැන හිද, ඔබ තැනු මංපෙත, ඒළිය කරනයුරු දැක සැනසෙනු මැන “අප්පච්චී”. මතු බුදු වෙයි නුඹ “අප්පච්චී”