Vocal | Kanishka Abeysinghe |
Music & Melody | Lahiru Sandeep |
Lyrics | Aruna S Chandrasena |
Composed & Mix,Mastered | Lahiru Sandeep |
Guitars | Mahendra Pasquel |
Flutes | Indika Rajintha, Nirosha Priyadarshana, Thushara Wedage |
Sitar | Dilusha |
Electric Piano | Chalinda Sriyan |
Keys & Synth | Lahiru Sandeep |
Thabla | Mihiraj Nandana |
Violin | Vishva Buddika |
Art Work | Rakitha Sri |
රාධා.. රාධා..
ඔද්දල් වූ ඕලාරික හැඟුමින්..
හදවතග සඟවාගෙන සඳ පහනින්
සෙනෙහස සොයලා.. යමුනා ඉවුරට
ආවෙමි ක්‍රිෂ්ණා කොහේද රාධා..
කොහේද ඔබ රාධා…යොහොඹු කුසුම් යහනක මැලවී ඇත
තමලු ලතාවන් අවුල් වෙලා…
සියුමැලි පා සටහන් පර මල් මත
ඇඳී තිබේ රාධාවනි ඔබ නැත ..
කොහේද ඔබ රාධා…හිමාලයේ හිම දියවී ගැලුවට
ගල් පර අතරේ යමුනාවක් නැත..
රණ තිසරුන් නැති පුලින තලා මත
මිලාන පස් පියුමන් මිස නුඹ නැත..
කොහේද ඔබ රාධා….
කොහේද ඔබ රාධා….
රාධා රසභාව ප්‍රකම්පන..
“ප්‍රේමය යනු හුදෙක් අංශුමාත්‍රික ප්‍රකම්පනයක ප්‍රකාශනයක් පමණක් නොව, ආත්මීය සිතුවිලි සමුදායක බන්ධනයකි.” දෙතැනක කැටිවුණු සිතුවිලි සිරකරගන්නා ප්‍රේමවන්තයෝ ලද අවස්ථානෝචිතව ඒවා සජ්ඣායනා කරති. ඇතමුන් පවසන පරිදි අන්ධෝන්මාදිත වූ ප්‍රේමය වුව හුදෙක් සිතුවිලි පර්යන්තයෙහි අසරණ වන්නන්ගේ ආත්මීය ප්‍රකාශනයක්ම වෙයි. පෙරදිග හා අපරදිග සාහිත්‍යය තුළ ගැබ්ව පවතින පේමනීය මතවාදයන් සහ පුරාවෘත්ත රාශියකි. මෙම වෘත්තාන්තයන් මගින් අතීතයේ පටන් වර්තමානය දක්වා වන ප්‍රේමයේ විකාශනමය කාල පරාසය තුළ වුව නොවෙනස් වන ඇතැම් ගුණාංගයන් පිළිබඳ සැකෙවින් විග්‍රහ කරයි. පෙරදිග සාහිත්‍යය රසගැන්වූ එවැනි පුරාවෘත්ත අතර රාධා, ක්‍රිෂ්ණා ප්‍රේම වෘත්තාන්තය සුවිශේෂීවේ.
දෙහදක ගලනා ප්‍රේමය ඒකරාශී කර තැනූ වෘත්තාන්තයක් ලෙස රාධා, ක්‍රිෂ්ණා කතා පුවත දැක්විය හැකිය. ඉන්දියානු සාහිත්‍යය රස ජනනයෙහිලා එය මහැඟි සේ උපකාර විය. පසුකාලීන ඉන්දියානු සංක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයා තුළ පවා රාධා, ක්‍රිෂ්ණා ආදර කතාන්දරය ප්‍රචලිත වන්නට විය. කතානුසාරීව ගත් කළ රාධා, ක්‍රිෂ්ණා පෙම් යුවළ යනු දෙදෙනාගේ කුඩා කළ සිටම එකිනෙකා හඳුනන, ආදරය වින්දනය කරන යුවළකි. ඔවුන්ගේ ප්‍රේම පාරාදීසය වනුයේ ඉන්දියාවේ යමුනා ගංතෙරයි. එකිනෙකා දැකගනු වස් ඔවුන් යමුනා ගං ඉවුරෙහි බලා සිටින්නට ඇත.
මෙම පුරාවෘත්තයේ හරය සහ දැක්ම පදනම් කරගනිමින් අරුණ චන්ද්‍රසේනයන් විසින් “රාධා” කාව්‍යාත්මක කියවීම නිර්මාණයවේ. හුදෙක් රාධා, ක්‍රිෂ්ණා වෘත්තාන්තය පදනම් කර ගනිමින් වර්තමානය විනිවිදීමට ගත් උත්සාහයක් ලෙස මෙම ගීතය දැක්විය හැකිය. ගීතාරම්භයේ පටන් ඔහු භාවිත කරන ගීතවත් භාෂා උපක්‍රම වඩාත් කැපී පෙනෙයි. එසේම චන්ද්‍රසේනයන් විසින් රූපක භාවිතය වඩාත් තීව්‍ර කියැවීමකට සහෘදයා පොලඹවනු ලබයි. රාධා, ක්‍රිෂ්ණා වෘත්තාන්තයේ එන ශෘංගාරාත්මක කියැවීමට එහා ගිය අවක්ෂේපිත විරහව ගීතයේ ඇතුළත් කිරීම තුළින් රචකයා ශ්‍රාවකයාගේ චිත්තරූප ඛණ්ඩනය කරමින් වෙනත් මානයක් කරා යොමු කරවීම සිදුකරනු ලබයි. ස්වකීය ප්‍රේම පාරාදීසය වන යමුනාව වෙත පියනංවන ක්‍රිෂ්ණාට වෙනදා නොවිඳින අත්දැකීමකට මුහුණ දීමට සිදුවෙයි. ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් පසුවන ක්‍රිෂ්ණාට මගබලා සිටීමේ ඉවසුම් නැති වන බව දක්වමින් ව්‍යංගාර්ථවත් ලෙස ඔහු දක්වන්නේ සුලභ කතා ප්‍රවෘත්තියකට වඩා වෙනස්වන ප්‍රකාශන විධික්‍රම භාවිත කරමිනි.
බහු අර්ථවත් ගීත, සාහිත්‍යය තුළ වඩාත් සුලභ ලෙස දක්නට නොලැබේ. අරුණ චන්ද්‍රසේනයන් විසින් රචිත “රාධා” ගීතය යනු එවැන්නකි. සමාජයේ සුලභ ලෙස දක්නට ලැබෙන වෘත්තාන්තයක් පදනම් කරගනිමින් නිමවුව ද වර්තමානයේ ප්‍රේමවන්තයෙකුගේ විරහව ගෙත්තම් වූ අපූර්ව කියැවීමක් ලෙස රාධා අගයකළයුතු මනාය..
– විශාරද කවිදු මිල්ලගල –